දකුණු අප්‍රිකා නවතම 20යි 20 ලීගයේ නිල නාමය නිවේදනය කෙරේ

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය ‘SA20’ (‘එස් ඒ ට්වෙන්ටි’) ලෙස නම් කර තිබෙනවා.

තරගාවලියේ පළමු අදියර ලබන ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතයි.

සෑම කණ්ඩායමකටම අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් වියදම් කරමින් ක්‍රීඩකයින් මිලදී ගැනීමට අවස්ථාව හිමි වනවා.

ක්‍රීඩක වෙන්දේසිය සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වෙන බව ද අද(31) නිල වශයෙන් නිවේදනය කෙරුණා.

කණ්ඩායම් 6 ක් ක්‍රීඩා කරන මෙම තරගාවලිය යටතේ තරග 33 ක් පැවැත්වීමට නියමිත අතර, අවසන් වටය යටතේ අවසන් මහා තරගය ද ඇතුළුව පැවැත්වෙන තරග සංඛ්‍යාව 3ක්.

අදාළ කණ්ඩායම් හයේම හිමිකාරීත්වය දරනු ලබන්නේ අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවන් විසින්.

big 3
Comments (0)
Add Comment