තීරණාත්මක එක්දින තරගාවලියට දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

2023 අයි.සී.සී එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම පිළිබද වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් දකුණු අප්‍රිකාවට මෙම තරග දෙකම ජය ගැනීමට සිදු වනු ඇති.

Also Read : දෙවැනි තරගය වැස්සට සේදෙයි ; ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමට අමතර වාසියක් ?

ඒ අනුව මාර්තු 31 වැනිදා හා අප්‍රේල් දෙවැනිදා පැවැත්වෙන එක්දින තරග දෙක වෙනුවෙන් අන්රික් නොකියා හා කාගිසෝ රබාඩා ද නම් කරමින් ප්‍රබල සංචිතයක් ප්‍රකාශයට පත් කිරීමටයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලියෙන් එම වේගපන්දු යවන්නන් දෙදෙනා ම විවේක ගන්වා තිබුණා.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් එක් තරගයක් පමණක් පවත්වා අතරමගදී නතර කිරීමට සිදු වූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙකයි මෙලෙස පැවැත්වීමට නියමිතව ඇත්තේ.

South Africa squad :

Temba Bavuma (c), Quinton de Kock, Bjorn Fortuin, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Sisanda Magala, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen

Comments (0)
Add Comment