චැනල් අයි විකාශන කටයුතුවලින් ඉවත් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සජීවීව විකාශය කිරීමට නියමිතව සිටි ජාතික රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව එම විකාශන කටයුතු අත්හැරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එලෙස ඔවුන් විකාශන කටයුතු අත්හැරීමට තීරණය කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, අදාළ තරග සංචාරය සජීවීව විකාශය කරන බව ජාතික රූපවාහිනිය විසින් අද දහවල් නිල වශයෙන් තහවුරු කර තිබුණා.

ඉන් පැය කිහිපයකට පසුවයි යළිත් ඔවුන් එම විකාශන කටයුතු අත්හැරීමට පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු 20යි 20 තරගය මෙරට වේලාවෙන් හෙට(4) අලුයම 3.30ට ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment