කොල්කටා නයිට් රයිඩර්ස් පිලට නව නායකයෙක්

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස නිටිෂ් රානා පත් කර තිබෙනවා.

ඒ, නිත්‍ය නායක ෂ්රෙයස් අයියර් මුහුණ දී සිටින පිට කොන්දේ ආබාධ තත්ත්වය මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්.

එම ආබාධය හේතුවෙන් අයියර්ට ලබන 31 වැනිදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග රැසක් අහිමි වනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ආබාධය හේතුවෙන් අයියර්ට ඔස්ට්‍රේලියාව සමග නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

big 3
Comments (0)
Add Comment