ක්‍රිස් ගේල් නොමැතිව අයර්ලන්තයට හා එංගලන්තයට එරෙහි කොදෙව් සංචිත නම් කෙරේ

අයර්ලන්තයට එරෙහිව හා එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත නම් කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් නිමා වූ පාකිස්තාන තරග සංචාරයට එක් නොවූ නිත්‍ය නායක කිරන් පොලාඩ් යළිත් කොදෙව් සංචිතයේ නායකයා ලෙසින් මෙම තරගාවලි වෙනුවෙන් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අයර්ලන්ත කණ්ඩායම එළඹෙන කොදෙව් සංචාරයේ දී එක්දින තරග 3කට හා 20යි 20 තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, පළමු එක්දින තරගය එළඹෙන 8 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ජැමයිකාවේ දී එම තරග පැවැත්වෙන අතර, අනතුරුව කොදෙව් කණ්ඩායම බාර්බඩෝස් වෙත පිටත්ව යන්නේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 5කින් යුත් 20යි 20 තරගාවලියට ක්‍රීඩා කිරීම සදහායි.

ජනවාරි 22 වනදා සිට 30 වනදා දක්වා එම තරගාලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොදෙව් – අයර්ලන්ත එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

මෑතකදී කොවිඩ් 19 ආසාදනය වූ එවින් ලුවිස් හා ඇන්ඩර්සන් පිලිප් මෙම තරගාවලි වෙනුවෙන් නම් කර නැහැ.

ෆේබියන් ඇලන්ගේ ආබාධ තත්ත්වය මේ වන විට සුව වී ඇතත්, කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඔහු ද අයර්ලන්ත තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

ආබාධයක් හේතුවෙන් ඔබෙඩ් මැකෝයිට මෙම තරගාවලි අහිමි වී තිබෙනවා.

මේ අතර, සුපිරි පිතිකරු 42 හැවිරිදි ක්‍රිස් ගේල් මෙම සංචිත සදහා නම් කර නැතත්, ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම සදහා සමු ගැනීමේ තරගයක් ඉදිරියේ දී ලබා දීමට කොදෙව් ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

SQUADS :

  • ODIs vs Ireland –

Kieron Pollard (c), Shai Hope (vc), Shamarh Brooks, Roston Chase, Justin Greaves, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Gudakesh Motie, Jayden Seales, Nicholas Pooran, Romario Shepherd, Odean Smith, Devon Thomas

COVID-19 Reserves – Keacy Carty, Sheldon Cottrell

  • T20Is vs Ireland and England –

Kieron Pollard (c), Nicholas Pooran (vc), Fabian Allen (England T20Is only), Darren Bravo (England T20Is only), Roston Chase, Sheldon Cottrell, Dominic Drakes, Shai Hope, Akel Hosein, Jason Holder, Brandon King, Kyle Mayers, Rovman Powell, Romario Shepherd, Odean Smith, Hayden Walsh Jr.

COVID-19 Reserves – Jayden Seales, Alzarri Joseph, Devon Thomas

Match Schedule :

  • Ireland Series at Sabina Park, Jamaica

January 8: 1st ODI

January 11: 2nd ODI

January 14: 3rd ODI

January 16: one-off T20I

  • England Series at Kensington Oval, Barbados

January 22: 1st T20I

January 23: 2nd T20I

January 26: 3rd T20I

January 29: 4th T20I

January 30: 5th T20I

Comments (0)
Add Comment