ඔස්ට්‍රේලියාව යළි 20යි 20 පෙරමුණට

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ යළි තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සවුත්හැම්ටන් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබා ගත්තා.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 55යි.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 39ක් ලබා ගත් අතර, මිචෙල් මාෂ් නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 3ක්.

කෙසේ වෙතත්, තරගාවලියේ ජය තරග 2-1ක් ලෙස හිමි වුණේ එංගලන්තයටයි.

මේ වන විට ඔස්ට්‍රේලියාවට 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණූ 275ක් හිමිව ඇති අතර, එංගලන්තය ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 271ක්.

Comments (0)
Add Comment