එංගලන්ත පුහුණුකරු ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලි සදහා එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් එක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුට එම තරගාවලි ද්විත්වයේ දී විවේකයක් ලබා දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සහාය පුහුණුකරුවන් වන පෝල් කොලින්වුඩ් සහ Graham Thorpe අදාළ තරගාවලියහී දී කණ්ඩායමේ වගකීම භාර ගනු ඇති.

එළඹෙන ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත්.

ජූනි 15 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළගා වීමට නියමිත අතර, අනතුරුව පළමු 20යි 20 තරගය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී පැවැත්වීමට නියමිතයි.

WORLD NEWS
Comments (0)
Add Comment