එංගලන්ත – කොදෙව් තරගාවලිය ස්ථීර වෙයි

එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට සැළසුම් කළ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජුලී 8 වනදා සිට ආරම්භ කරන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

තරග 3කින් යුතු ටෙස්ට් තරගාවලිය දින 21ක කාලයක් තුළදී පැවැත්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

සියලු තරග ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වෙනු ඇති.

කොදෙව් කණ්ඩායම ජූනි 9 වනදා එංගලන්තය වෙත ළගා වීමට නියමිතයි.

අනතුරුව ඔවුන් මැන්චෙස්ටර් හී දී නීරෝධායන ක්‍රියාවලියකට සහ පුහුණුවීම් කටයුතු සදහා එක් වනු ඇති.

WEST INDIES TOUR OF ENGLAND
Comments (0)
Add Comment