ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට අයි.සී.සීයෙන් දඩ

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග පසුගිය දෙවැනිදා පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර 50 යවා නිමා නොකිරීම හේතුවෙන්.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියමිත කාලය නිමා වන විට එක් පන්දුවාරයක් පිටුපසින් සිට ඇති බැවින් තරග තීරක රංජන් මඩුගල්ල මහතා විසින් මෙම දඩුවම නියම කර තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන නායක හෂ්මතුල්ලාහ් ශහීඩී සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බවත්, ඒ අනුව මෙම සිද්ධිය පිළිබද වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

Comments (0)
Add Comment