ආසියානු ශූර ශ්‍රී ලංකාවට ලොව නන් දෙසින් ලද ප්‍රතිචාර මෙන්න

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට ලොව නන් දෙසින් සුබ පැතුම් ලැබෙමින් පවතිනවා.

ඩුබායි හි පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තානය ලකුණු 23 කින් පරාජයට පත් කරමිනුයි ශ්‍රී ලංකාව 6 වැනි වරටත් ආසියානු ශූරයින් බවට පත් වුණේ.

තරගය ජය ගැනීම සදහා භානුක රාජපක්ෂ නොදැවී රැස් කළ ලකුණු 71 ත්, වනිදු හසරංග තුන් ඉරියව්වෙන්ම දැක් වූ දක්ෂතාත්, ප්‍රමෝද් මදුෂාන් කඩුලු 4 ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් දැක් වූ දක්ෂතාත් බෙහෙවින් උපකාරී වුණා.

ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉතා ඉහළ මට්ටමක පන්දු රැකීමක් ප්‍රදර්ශනය කිරීම ද ලොව පුරා බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහනය පිළිබද පල කර ඇති ට්විටර් පණිවිඩ කිහිපයක් පහතින් –

big 3
Comments (0)
Add Comment