ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයෙන් අසනත් ද මැල් මහතා ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් වනු ඇති.
පෞද්ගලික හේතුවක් මත තමා ධූරයෙන් ඉවත් වන බවත්, තමා එම ධූරයේ කටයුතු කළේ තාවකාලිකව පමණක් බවත් අසන්ත ද මැල් මහතා Daily News වෙත සදහන් කර තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද අසන්ත ද මැල් මහතායි.