Ultimate magazine theme for WordPress.

Watch : SA 20 පිටියේ දී තීක්ෂණ දවා ගත් කඩුලු 3

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA 20 ක්‍රිකට් තරගාවලියේ දී Joburg Super Kings කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ අද(24) පැවැති තරගයකදී සුපිරි පන්දු යැවීමක නිරත වුණා.

Johannesburg හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Durban’s Super Giants කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Durban’s Super Giants කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 178 ක් රැස් කළා.

හෙනිර්ක් ක්ලාසෙන් ලකුණු 65 ක් පන්දු 48 කින් වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 30 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ක්යල් මේයර්ස්, වියාන් මෝල්ඩර් හා කීමෝ පෝල් යන පිතිකරුවන්. (දර්ශන පහතින්)

Gerald Coetzee ද ලකුණු 21 කට කඩුලු 3 ක් බිද හෙලීමට සමත් වුණා.

Show Comments (1)