Ultimate magazine theme for WordPress.

Watch : MI Cape Town අසරණ කළ තීක්ෂණගේ සුපිරි පන්දු යැවීම

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේ දී ද විශිෂ්ඨ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කිරීමට ජෝබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත් වුණා.

ජොහැනස්බර්ග් හීදී මෙම තරගය පැවැති අතර, එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ එම් අයි කේප් ටවුන් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු 6 ක් දැවී ලකුණු 189 ක් රැස් කළා. ඒ, ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ෆෆ් ඩු ප්ලෙසිස් හා රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු නොලබා දැවී ගිය පසුබිමකයි.

Leus du Plooy නොදැවී ලකුණු 81 ක් රැස් කළේ පන්දු 48කින්. මැතිව් වේඩ් පන්දු 18 කින් ලකුණු 40 ක් රැස් කළා. පන්දු යැවීමේ දී සෑම් කරන් හා ජොෆ්ර ආචර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කේප් ටවුන් කණ්ඩායමට පන්දුවාර 17.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

ඩිවෝල්ඩ් බ්‍රේවිස් ලකුණු 27 කට දැවී ගිය අතර, Grant Roelofsen ලකුණු 21 යි.

පන්දු යැවීමේ දී Gerald Coetzee ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ ලකුණු 16 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 2ක් බිද හෙලුවා.(දර්ශන පහතින්)

Leave a comment