Ultimate magazine theme for WordPress.

Watch : MI කණ්ඩායමට එරෙහි මෙන්ඩිස්ගේ වේගවත් ඉනිම මෙන්න

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට ප්‍රෙටෝරියා කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භ පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා.

එම් අයි කේප් ටවුන් කණ්ඩායම සමග පැවැති මෙම තරගයෙන් කැපිටල්ස් කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළේ තරගයේ අවසන් පන්දුවේදීයි.

සෙන්චූරියන්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කේප් ටවුන් කණ්ඩායම පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 159 ක් ලබා ගත්තා.

රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 51 රැස් කළේ පන්දු 29 කින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කුසල් මෙන්ඩිස් පන්දු 25 කින් ලකුණු 39 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 7ක් සමගින්.(දර්ශන පහතින්)

රයිලි රොසෝව් ලකුණු 40ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී සෑම් කරන් ලකුණු 26කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Leave a comment