Ultimate magazine theme for WordPress.

Watch : BPL පිටියේ දී ශකිබ් යළිත් විනිසුරු සමග ගැටුමක

බංග්ලා‍දේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ දී Fortune Barishal කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් විනිසුරු තීරණයකට දැඩි අප්‍රසාදය පල කිරීමේ සිද්ධිය මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මීර්පූර්හී දී Sylhet Strikers කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි ඔහු එලෙස විනිසුරු තීරණයකට දැඩි විරෝධය පල කරනු ලැබුවේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Barishal කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 194 ක් ලබා ගත්තා.

ඉනිමේ 16 වැනි පන්දුවාරය Rejaur Rahman Raja විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ සිව්වැනි පන්දුව වයිඩ් පන්දුවක් වූ බවටයි පිතිකරණයේ නිරතව සිටි ශකිබ් විසින් අනුමාන කළේ.

කෙසේ වෙතත්, විනිසුරු විසින් එය වයිඩ් පන්දුවක් ලෙස සංඥා නොකළ අතර, ඊට දැඩි විරෝධයක් පල කිරීමට ශකිබ් පසුබට වූයේ නැහැ.

දර්ශන පහතින් –