Watch : BPL පිටියේ දී ධනුෂ්ක මුහුණ දුන් අනතුර මෙන්න

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී පන්දුවක් මුහුණේ වැදීමෙන් Durdanto Dhaka කණ්ඩායමේ ශ්‍රී ලංකා පිතිකරු ධනුෂ්ක ගුණතිලක අනතුරකට මුහුණ දුන්නා.
මීර්පූර් හී දී මෙම තරගය ආරම්භ වූ අතර, Durdanto Dhaka කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ Chattogram Challengers කණ්ඩායමයි.
කාසියේ වාසිය දිනූ Challengers කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි Dhaka කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ ධනුෂ්ක ගුණතිලක හා මොහමඩ් නයීම්.
තරගයේ දෙවැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී යි ධනුෂ්කගේ මුහුණේ පන්දුවක් වැදීමෙන් මෙම අනතුර සිදු වුණේ.
ස්කූප් පහරක් එල්ල කිරීමට ඔහු ගත් උත්සාහයේ දී පිත්තේ දාරයක වැදුණු පන්දුව කෙළින්ම ධනුෂ්කගේ මුහුණේ වැදුණු අතර, එහිදී ඔහුගේ මුහුණෙන් රුධිරය වහනය වීමක් ද සිදු වුණා.
ඒ වන විට ඔහු පන්දු 9කට මුහුණ දී ලබා සිටියේ එක් ලකුණක් පමණයි. අනතුර හේතුවෙන් ධනුෂ්කට පිටියෙන් ඉවත් වීමට ද සිදු වුණා.
එම අනතුරේ දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) January 22, 2024