Ultimate magazine theme for WordPress.

Watch : හස්රටුල්ලාහ් හා ඉෆ්ටිකාර් ඉසුුරු උදානට ගොදුරු වූ හැටි

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය අද(27) අබුඩාබි හි Sheikh Zayed ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

ඒ, Bangla Tigers කණ්ඩායම හා Northern Warriors කණ්ඩායම අතරයි. එම තරගයෙන් Northern Warriors කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Tigers කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 117 ක් ලබා ගත්තා.

එවන් ලුවිස් නොදැවී ලකුණු 38(15)ක් හා හස්රටුල්ලාහ් සසායි ලකුණු 37(21) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන ලකුණු 21 ක් ලබා දෙමින් බිද හෙලූ කඩුලු ගණන 2ක්.

උදානගේ පන්දු හමුවේ දැවී ගියේ හස්රටුල්ලාහ් සසායි හා ඉෆ්ටිකාර් අහ්මඩ්. (දර්ශන පහතින්)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Warriors කණ්ඩායම පන්දුවාර 9.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක රොව්මන් පවෙල් හයේ පහර 9ක් ද සමගින් පන්දු 28 ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 76 ක් ලබා ගැනීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 20 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Show Comments (1)