Ultimate magazine theme for WordPress.

Watch : සුපිරි පන්දු යැවීමකින් දිල්ෂාන් මදුෂංක දවා ගත් කඩුලු 2 මෙන්න

SLC Blues කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුෂංක අද(8) විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී SLC Greens කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් Blues කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

Greens කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන අතරවාරයේ දී නව පන්දුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වීමට දිල්ෂාන් මදුෂංක සමත් වුණා.

ඔහු සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ නුවනිදු ප්‍රනාන්දු (0) හා ධනංජය ලක්ෂාන් (1).

දර්ශන පහතින් –

Leave a comment