Ultimate magazine theme for WordPress.

Watch : සුපිරි පන්දු යැවීමකින් ජයසූරිය දවා ගත් කඩුලු 4 මෙන්න

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series තරගාවලියේ 5 වැනි තරගය අද(13) රාත්‍රී 7.30 ඉන්දියාවේ කාන්පූර් හී දී ආරම්භ වුණා.

ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත ලෙජන්ඩ්ස් පිතිකරුවන්ට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 78 ක් පමණයි.

නායක ඉයන් බෙල් ලකුණු 15 ක් ද, පිල් මස්ටඩ් ලකුණු 14 ක් ද ලබා ගත්තා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සනත් ජයසූරිය ලකුණු 3 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා. ඒ, නිලකුණු පන්දුවාර 2 ක් ද සමගින්.

නුවන් කුලසේකර හා චතුරංග ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

සනත් ජයසූරිය දවා ගත් කඩුලු පහතින් නරඹන්න –

Leave a comment