Ultimate magazine theme for WordPress.

Watch : ස්ටක් පිට පිට පන්දු දෙකක දී කෝලි හා සූර්යකුමාර් දවා ගත් හැටි

ඉන්දියාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී පිට පිට පන්දු දෙකකදී විරාත් කෝලිගේ හා සූර්යකුමාර් යාදව්ගේ කඩුලු දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් අද(17) සමත් වුණා.

මුම්බායි හී දී අද දහවල් ආරම්භ වූ මෙම තරගයේ දී විරාට් කෝලි ලකුණු 4 කට දැවී ගිය අතර, සූර්යකුමාර් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

ඔවුන් දෙදෙනාම දැවී ගියේ ස්ටක්ගේ පන්දු හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 35.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 188 ක්.

මිචෙල් මාෂ් ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 65 කින් ලකුණු 81 ක් රැස් කළා. හයේ පහර 5 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියානු ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළ මොහමඩ් ෂාමි ලකුණු 17 කට කඩුලු 3 ක් හා මොහමඩ් සිරාජ් ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Leave a comment