Ultimate magazine theme for WordPress.

Watch : ලිටොන් දවා ගැනීමට අසිත රැක ගත් සුපිරි උඩ පන්දුව

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි (27).

අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස මුෂ්ෆිකර් රහීම් පන්දු 39 කින් ලකුණු 23ක් ලබා සිටිය දී දැවී ගිය අතර, දිනයේ දෙවැනි කඩුල්ල ලෙස ලිටොන් දාස් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණේ දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ දෙවැනි පන්දුවාරයෙන්.

අසිත විසින්ම රැකගත් සුපිරි උඩ පන්දුවක් හමුවේ ලිටොන් දාස්ට සිය කඩුල්ල අහිමි වුණා.

දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 52ක්.

ලිටොන් දාස් හා ශකිබ් අල් හසාන් අතර 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 103ක්.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ දී ටමිම් ඉක්බාල් ලකුණු නොලබා දැවී ගිය අතර, නජ්මුල් හොසේන් ලකුණු 2කට දුවද්දී දැවී ගියා. නායක මොමිනුල් හක්ට ද ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. මහ්මුදුල් හසාන් ලකුණු 15යි.

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 365ක්.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 506ක් ලබා ගත්තා.

Leave a comment