Ultimate magazine theme for WordPress.

Watch : ලක්මාල්ගේ සුපිරි පන්දුවකට පොලොක් දැවී ගිය හැටි

එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ පැවැති ඩර්බිෂයර් හා Worcestershire කණ්ඩායම් අතර තරගය අද(15) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඩර්බි හී දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් Worcestershire කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 368ක් රැස් කළා.

Jack Haynes ලකුණු 133යි. පන්දු යැවීමේ දී Sam Conners කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස ඩර්බිෂයර් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 565 ක් ලබා සිටියදීයි.

ශාන් මසූඩ් ලකුණු 113ක් ද, Anuj Dal නොදැවී ලකුණු 114ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී Josh Baker හා Ed Barnard කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ Worcestershire කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 225ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, අනතුරුව තරගය ජය පරාජයෙන් තොරව නිමා කෙරුණා.

Worcestershire කණ්ඩායමේ පළමු ඉනිමේ දී මෙන්ම දෙවැනි ඉනිමේදී ද ආරම්භක පිතිකරු Ed Pollock ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ ඩර්බිෂයර් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් විසින්.

පළමු ඉනිමේ දී Ed Pollock ලකුණු 7කටත්, දෙවැනි ඉනිමේදී ලකුණු 23 කටත් දවා ගැනීමට ලක්මාල් සමත් වුණා.

දෙවැනි ඉනිමේදී සුරංග ලක්මාල් විසින් ඔහුගේ කඩුල්ල දවා ගත් අයුරු පහතින් නරඹන්න –

Leave a comment