Ultimate magazine theme for WordPress.

Watch : රෝයි දැවී ගිය ස්ටක්ගේ සුපිරි පන්දුව

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ඇඩිලේඩ් හී දී ආරම්භ වුණා.

පැට් කමින්ස් ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් පසුව ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන පළමු එක්දින තරගය මෙයයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පැට් කමින්ස් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ජේසන් රෝයි හා පිල් සෝල්ට් මුළු ලකුණු සංඛ්‍යාව 20 ක් ලෙස සටහන්ව තිබියදී යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

සෝල්ට් ලකුණු 14 කට දැවී ගියේ පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේයි.

අනතුරුව ජේසන් රෝයි ලකුණු 6 කට දවා ගැනීමට මිචෙල් ස්ටක් සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ජේසන් රෝයි දැවී ගියේ. (දර්ශන පහතින් නරඹන්න)

Show Comments (2)