Ultimate magazine theme for WordPress.

Watch : බුම්රාගේ සුපිරි පන්දුවක් නිදැල්ලේ යැවූ ක්‍රව්ලිට වුණ දේ

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 125ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245 ක්.

චෙටස්වර් පුජාරා ලකුණු 66ක් රැස් කළ අතර, රිෂාබ් පාන්ට් ලකුණු 57යි.

පන්දු යැවීමේ දී බෙන් ස්ටොක්ස් කඩුලු 4ක් දවා ගත්තා. ස්ටුවට් බ්‍රෝඩ් හා මැතිව් පොට්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව බර්මිංහැම්හි පැවැත්වෙන මෙම තරගය ජය ගනිමින් තරගාවලිය තරග 2-2ක් ලෙස සම මට්ටමෙන් අවසන් කර ගැනීම සදහා එංගලන්තයට සිය දෙවැනි ඉනිමේ දී හිමි වූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 378ක්.

වාර්තාගත හඹා යාමක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ඇලෙක්ස් ලීස් හා සැක් ක්‍රව්ලි පළමු කඩුල්ල සදහා ලකුණු 107ක සබදතාවයක් ගොඩ නැගුවා.

ක්‍රව්ලි ලකුණු 46කට දැවී යාමත් සමගයි එම සබදතාවය බිද වැටුණේ.

ජස්ප්‍රිට් බුම්රා යොමු කළ පන්දුවක් නිදැල්ලේ යැවීමට ගත් උත්සාහයකදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි සැක් ක්‍රව්ලිට යළි ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වුණේ.

Leave a comment