Ultimate magazine theme for WordPress.

Watch : ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළ මේයර්ස්ගේ සුපිරි හයේ පහර

ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද නිමා වුණේ කඩුලු 3ක තියුණු ජයක් ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

Match Report : අවසන් පන්දුවාරයේ කොදෙව්වන්ගේ දුර්වල පන්දු රැකීම හමුවේ ඔස්ට්‍රේලියාවට කඩුලු 3 ක ජයක්

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හි Carrara Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 146 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 145 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

කොදෙව් ඉනිමේ ඉහළම ලකුණුලාභියා වූ ක්යල් මේයර්ස් පන්දු 36 කින් ලකුණු 39 ක් රැස් කළා. හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු එල්ල කළ අලංකාර හයේ පහර මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

දර්ශන පහතින් නරඹන්න –

Leave a comment