Ultimate magazine theme for WordPress.

Watch : පළමු පන්දුවෙන්ම සචින්ගේ පිට ඉන්න කුලසේකර ගැලවූ හැටි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(1) රාත්‍රී 8ට රායිපූර්හී දී ආරම්භ වුණා.

ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ලෙජන්ඩ්ස් නායක සචින් ටෙන්ඩුල්කාර් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ නාමන් ඕජා සමගින් සචින් ටෙන්ඩුල්කාර්.

ටෙන්ඩුල්කාර් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ නුවන් කුලසේකරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන්ව තිබුණේ එක් ලකුණක් ලෙසයි.

සුරේෂ් රයිනා ද නුවන් කුලසේකරගේම පන්දුවක් හමුවේ ලකුණු 4(2) කට දැවි ගියා. ඒ, ජීවන් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

Show Comments (1)