Ultimate magazine theme for WordPress.

Watch : තෙවන විනිසුරුගේ ආන්දෝලනාත්මක තීරණය

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(30) දහවල් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

පිට පිට තෙවැනි වරටත් කාසියේ වාසිය ජය ගැනීමට වාසනාවන්ත වූ ඇෆ්ඝනිස්තාන නායක හෂ්මටුල්ලාහ් ශහීඩි පළමුවෙන් පන්දුවට පහර දීමටයි මෙම තරගයේ දී ද තීරණය කළේ.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 57 ක් තුළ බිද වැටුණු පසුබිමක සිව්වැනි කඩුල්ල සදහා නජිබුල්ලාහ් සඩ්රාන් හා ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 154 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණේ පන්දු 141 කින්.

මෙම ඉනිමේ දී ලකුණු 77 ක් රැස් කළ නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 27 ක් ලබා සිටියදී වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය පිතිකරුවෙකු ලෙස විනිසුරු විසින් නම් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පිතිකරු විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ එම තීරණය අභියෝගයට ලක් කළ අතර, එහිදී තෙවන විනිසුරු විසින් ඔහු දැවී නොගිය අයෙකු ලෙස නම් කළා.

ඒ, Ultraedge තාක්ෂණය ඔස්සේ අදාළ අවස්ථාව නිරීක්ෂණය කිරීමේ දී යම් ශබ්ධයක් ඇති වන බව හදුනා ගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත්, එම ශබ්ධය අඛණ්ඩව පවතින බවක් Ultraedge තාක්ෂණයෙන් දක්නට ලැබුණු පසුබිමක තෙවන විනිසුරු පිටියේ විනිසුරුගේ තීරණය සංශෝදනය කිරීමට පෙළඹීම බොහෝ දෙනෙකුගේ මවිතයට හේතු වුණා. (දර්ශන පහතින්)

Show Comments (2)