Ultimate magazine theme for WordPress.

Watch : ටමිම් අඛණ්ඩව දෙවැනි වරටත් බින්දුවට දැවී ගිය හැටි

බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් අද(26) යළිත් වරක් ලකුණු නොලබා දැවී ගියා.

ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී යි.

අද දිනයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසයි ඔහු එලෙස ලකුණු නොලබා දැවී ගියේ.

මෙම තරගයේ පළමු ඉනිමේ දී ද ඔහු ලකුණු ලබා ගැනීමට සමත් වූයේ නැහැ.

ටමිම් ඉක්බාල් ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ දී ම ලකුණු නොලබා දැවී ගිය පළමු අවස්ථාව‍ මෙය වීම විශේෂත්වයක්.

Leave a comment