Ultimate magazine theme for WordPress.

Watch : කෝලි සමග සිදු වූ සන්නිවේදනයේ දුර්වලතාවයක් හමුවේ ඉෂාන් දැවී ගිය හැටි

ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(24) දහවල් ඉන්දියාවේ ඉන්දෝර්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 385 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 26.1 ක් තුළ ලකුණු 212 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට රෝහිට් ෂර්මා හා ෂුබ්මන් ගිල් සමත් වුණා.

රෝහිට් ලකුණු 101 කට දැවී ගිය අතර, ගිල් ලකුණු 112 ක් රැස් කළා. හර්ඩික් පාන්ඩ්යා ලකුණු 54 ක් ලබා ගත්තා. විරාට් කෝලි ලකුණු 36 කටත්, ඉෂාන් කිෂන් ලකුණු 17 කටත් දැවි ගියා.

කිෂන්ගේ දැවී යාම දුවද්දී දැවී යාමක් ලෙස වාර්තා වූයේ ඉනිමේ 35 වැනි පන්දුවාරයේ දී යි.

එහිදී විරාට් කෝලි හා ඉෂාන් කිෂන් අතර සිදු වූ සන්නිවේදනයේ දුර්වලතාවයක් හේතුවෙනුයි කිෂන්ට සිය කඩුල්ල අහිමි වූයේ. (දර්ශන පහතින්)

Show Comments (1)