Ultimate magazine theme for WordPress.

Watch : ක්‍රීඩාංගනයෙන් පිටතට අසාම් ඛාන් එල්ල කළ මීටර් 107 හයේ පහර

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී පිතිකරුවෙකු එල්ල කළ දෙවන විශාලතම හයේ පහර වාර්තා කිරීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ අසාම් ඛාන් අද (03) සමත්වුණා.

අසාම් ඛාන් මෙම දස්කම ප්‍රදර්ශනය කළේ කුවෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිවයි.

වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ෆෝල්ක්නර් යොමු කළ ඉනිමේ 13 වන පන්දුවාරයේ 5 වන පන්දුවට අසාම් ඛාන් මෙම දැවැන්ත හයේ පහර එල්ල කළා.

ඩීප් මිඩ් විකට් කලාපය දෙසින් ඇදී යන පරිදි එල්ල කළ මෙම හයේ පහර නතර වුණේ පන්දුව කරච්චි ක්‍රීඩාංගණයෙන් ද ඉවතට ඇදී යමින්.

හයේ පහරේ දිග මීටර් 107 ක් ලෙස සටහන් වුණා.

මේ වන විට මෙවර තරග වාරයේ දැවැන්තම හයේ පහර වාර්තා කර ඇත්තේ ටොම් කොහ්ලර් කැඩ්මෝ විසින්. එහි දුර මීටර් 108 ක්.

Leave a comment