Ultimate magazine theme for WordPress.

Watch : එංගලන්තයේ ප්‍රබල පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු නොලබා දැවී ගිය හැටි

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද(12) ආරම්භ වුණා.

පළමු තරගය මේ වන විට පැවැත්වෙන්නේ ලන්ඩන් නුවර ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීම සදහා එංගලන්තයට ආරාධනා කළා.

කෙසේ වෙතත්, එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දුවාර 8ක් අවසන් වන විටත් ඔවුන්ගේ ප්‍රබල පිතිකරුවන් 5 දෙනෙකු යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්ව තිබුණා.

ජේසන් රෝයි, ජෝ රූට්, බෙන් ස්ටොක්ස් හා ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්. ජොනී බෙයාර්ස්ටව් රැස් කළේ ලකුණු 7ක් පමණයි.

එම කඩුලු පහෙන් කඩුලු 4ක්ම දවා ගත්තේ ජස්ප්‍රිට් බුම්රා විසින්.

දර්ශන පහතින් –

Leave a comment