Watch : හ්රිදෝයි දැවී ගිය රවුෆ්ගේ සුපිරි වේග පන්දුව

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් බංග්ලාදේශ මැදපෙල පිතිකරු තව්හිද් හ්රිදෝයිගේ කඩුල්ල දවා ගැනීමට පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් අද(6) සමත් වුණා.
පාකිස්තානයේ ලාහෝර් හී දී අද පස්වරුවේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
කෙසේ වෙතත්, පාකිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් බංග්ලාදේශ පිතිකරුවන්ට තරගය ආරම්භයේ සිටම ප්‍රබල අභියෝගයක් එල්ල වුණා.
පළමු පන්දුවාර 10 නිමා වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව දක්නට ලැබුණේ කඩුලු 4 ක් දැවී ලකුණු 49 ක් ලෙසයි.
මෙහිදි හසාන් ලකුණු නොලබාත්, ලිටොන් දාස් ලකුණු 16 කටත්, මොහමඩ් නයීම් ලකුණු 20කටත්, තව්හිද් හ්රිදෝයි ලකුණු දෙකකටත් දැවී ගියා.
හ්රිදෝයි දැවී ගියේ හැරිස් රවුෆ් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. (එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න)
— CricDaily24 (@cricday96) September 6, 2023