Watch : සුපිරි පන්දුවක් හමුවේ රහීම් අන්ත අසරණ වූ හැටි

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම්ගේ කඩුල්ල දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි අද(13) සමත් වුණා.
හෙන්රි විසින් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් රහීම් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 66(75) ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
බංග්ලාදේශ ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසයි මුෂ්ෆිකර් රහීම් දැවී ගියේ. ඒ වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 175 ක් ලෙසයි.
චෙන්නායි හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 245 ක් රැස් කිරීමට සමත් වුණා.