Ultimate magazine theme for WordPress.

Watch : සියල්ලන් සිනහ ගැන් වූ පාකිස්තානයේ උඩ පන්දු ගිලිහී යාම

ADVERTISEMENT

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය අද(10) පස්වරුවේ දී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.

ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 121 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට රෝහිත් ෂර්මා හා ෂුබ්මන් ගිල් සමත් වුණා.

රෝහිත් ලකුණු 56 ක් ද, ගිල් ලකුණු 58 ක් ද රැස් කළා. එම කඩුලු දෙක පිළිවෙලින් දවා ගත්තේ ශඩාබ් ඛාන් හා ශහීන් අෆ්රිඩි විසින්.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු සම්බන්ධතාවය බිද දැමීමට පාකිස්තාන පන්දු රකින්නන්ට අවස්ථා කිහිපයක්ම ලද නමුත් ඒවා සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ අතරින් ෂුබ්මන් ගිල් ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප් පන්දු රකින්නන් අතින් ගිලිහී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ, කිසිදු ස්ලිප් පන්දු රකින්නෙකු එම උඩ පන්දුව රැක ගැනීමට උත්සාහ නොකිරීම හේතුවෙන්. (දර්ශන පහතින්)

Leave a comment