Watch : සියල්ලන් මවිතයට පත් කළ ලහිරුගේ සුපිරි උඩ පන්දුව
නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මේ වන විට ක්‍රයිස්චර්ච්හී දී පැවැත්වෙනවා.
තරගය අද දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 25 ක් ලබා සිටියදී දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.
Watch : තෙවැනි දිනයේ පළමු කඩුල්ල ප්‍රභාත් දවා ගත් හැටි
අනතුරුව නවසීලන්ත කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලෙස නායක ටිම් සවුතිගේ කඩුල්ල දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා.
ඔහු දැවී යන විට පන්දු 20 කින් ලකුණු 25 ක් ලබා සිටියේ හයේ පහරක් හා හතරේ පහර 3 ක් සමගින්. ලහිරු කුමාර රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි ටිම් සවුතිට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ.
දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 239 ක්. ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 355 ට පිළිතුරු වශයෙන්. ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 71 යි.
ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී තවත් ලකුණු 116 ක් පිටුපසින් පසුවනවා.
තණතීරුවට සෘජුව ඉදිරියෙන් ඇති තිරයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් දිවා ආහාරය නියමිත වේලාවට පෙර ලබා දීමටයි විනිසුරුවන් කටයුතු කළේ.
— CricDaily24 (@cricday96) March 10, 2023