Watch : ස්ටර්ලින්ග් දවා ගැනීමට මෙන්ඩිස් රැක ගත් සුපිරි උඩ පන්දුව
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 15 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද(25) සමත් වුණා.
බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී අද දහවල් ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ අයර්ලන්ත කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.
පන්දුවාර 49.5 අවසානයේ දී ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 325 ක්.
අයර්ලන්ත කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී පළමු කඩුල්ල ලෙස පෝල් ස්ටර්ලින්ග් ලකුණු 6කට දැවී ගියා.
ලහිරු කුමාර යොමු කළ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ කුසල් මෙන්ඩිස් කඩුල්ල පිටුපස සිට රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙනුයි.
එහි දර්ශන පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) June 25, 2023