Ultimate magazine theme for WordPress.

Watch : ස්ටක්ගේ සුපිරි පන්දුවකට ස්ටොක්ස් දැවී ගිය හැටි

ADVERTISEMENT

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(27) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා.

එංගලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 62 කට සීමා කරමින් බෙන් ඩකට් ලකුණු 41 කට දැවී ගියා. හැරී බෘෘක් ලකුණු 85 ක් ද, මොයීන් අලී ලකුණු 34 ක් ද ලබා ගැනීමට සමත් වුණා.

ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස නායක බෙන් ස්ටොක්ස් දැවී ගියේ ලකුණු 3 ක් ලබා සිටියදීයි.

මිචෙල් ස්ටක් යොමු කළ විශිෂ්ඨ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු දැවී ගියේ. (එහි දර්ශන පහතින් නරඹන්න)

Leave a comment