Watch : සධීර හා ප්‍රවීන් මුහුණ දුන් දරුණු අනතුර මෙන්ම
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ දී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී දඹුල්ල අවුරා කණ්ඩායමේ ප්‍රවීන් ජයවික්‍රම හා සධීර සමරවික්‍රම අතර එකිනෙකා ශාරීරිකව ගැටීමෙන් අනතුරක් සිදු වුණා.
අද(5) පස්වරු 3 පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ස්ට්‍රයිකර්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 192 ක් ලබා ගනිමින්. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 87(46) ක් හා සධීර සමරවික්‍රම ලකුණු 59 (35) ක් රැස් කරමින් දඹුල්ල ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු 3 ක් බිද හෙලුවා.
කලම්බු කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී 11 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී යි සධීර හා ප්‍රවීන් උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී එකිනෙකා ගැටීමක් සිදු වුණේ.
නූර් අහ්මඩ් යොමු කළ පන්දුවකට නුවනිදු ප්‍රනාන්දු එල්ල කළ පහරකින් පසුව එය රැක ගැනීමට යාමේ දී මෙම අනතුර සිදු වුණා.
සධීර සමරවික්‍රම හා ප්‍රවීන් ජයවික්‍රම එම අවස්ථාවේ දී දැඩි වේදනාවකින් පසු වුවද ඔවුන් දෙදෙනාම පසුව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වුණා.
එම අනතුරේ දර්ශන පහතින් නරඹන්න –
A narrow escape for Sadeera and Praveen 😳 Thankfully no one got seriously hurt 🙏#LPL2023 #LiveTheAction pic.twitter.com/2YASMGhnIF
— LPL – Lanka Premier League (@LPLT20) August 5, 2023