Watch : සධීරගේ අලංකාර හයේ පහර

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද පස්වරුවේ ආරම්භ වූ මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දෙවැනි තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු සධීර සමරවික්‍රම සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.
ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 257 ක් ලබා ගනිමින්.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සධීර පන්දු 72 කින් ලකුණු 93 ක් රැස් කළා. හයේ පහර 2ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ඉනිමේ අවසන් පන්දුවේ දී යි සධීර දවා ගැනීමට ටස්කින් අහ්මඩ් සමත් වුණේ.
සධීර සිය ඉනිම අතරතුර දී එල්ල කළ අලංකාර හයේ පහරක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ද සමත් වුණා.
— CricDaily24 (@cricday96) September 9, 2023