Ultimate magazine theme for WordPress.

Watch : ශෙවෝන් ඩැනියල් ගහපු සුපිරි හයේ පහරවල් මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියර ආරම්භ කරමින් තරගාවලියේ 15 වැනි තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඒ, දඹුල්ල ඕරා කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ඕරා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 178 ක් ලබා ගනිමින්.

පළමු කඩුල්ල සදහා ලකුණු 163 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ශෙවෝන් ඩැනියල් හා ජෝර්ඩන් කොක්ස් සමත් වුණා.

එය එල් පී එල් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ ඉහළම ලකුණු සබදතාවයයි.

ඩැනියල් ලකුණු 80 ක් රැස් කළේ පන්දු 55 කින්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. කොක්ස් ලකුණු 77 (58) කට දැවී ගියා.

ශෙවෝන් ඩැනියල් වාර්තා කළ හයේ පහර 5 පහතින් නරඹන්න –