Ultimate magazine theme for WordPress.

Watch : ශ්‍රී ලංකාවට හිසරදයක් වූ පාන්ට්ගේ කඩුල්ල දැවී ගිය අයුරු

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මේ වන විට බැංගලූරුහී දී ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා යොදා ගෙන ඇති තණතීරුව මේ වන විටත් දග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් බවට පත්ව අවසන්.

පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට එතරම් පහසු නොවන මෙම තණතීරුව තුළ ප්‍රබල ඉන්දීය පිතිකරුවන් ද යම් පීඩනයකට හසු වුවත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු පාලනය නිසි අයුරින් නොපැවැති බැවින් ඇතැම් ඉන්දීය පිතිකරුවන් පහසුවෙන් ලකුණු රැස් කරනු දක්නට ලැබුණා.

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින රිෂාබ් පාන්ට් පළමු තරගයේ දී මෙන්ම මෙම ඉනිමේ දී ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් වේගවත් ඉනිමක් දියත් කිරීමට සමත් වුණා.

ඔහු පන්දු 26ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 39ක් ලබා ගත්තේ හතරේ පහර 7ක් සමගින්.

රිෂාබ් පාන්ට්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ ලසිත් ඇඹුල්දෙණිය විසිනුයි. ඒ, පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සළස්වමින්.

Leave a comment