Ultimate magazine theme for WordPress.

Watch : ශහීන්ගේ සුපිරි පන්දු දෙකක් හමුවේ ෂර්මා හා කෝලි දැවී ගිය හැටි

ADVERTISEMENT

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් ඉන්දීය ඉනිමේ පළමු කඩුලු දෙක දවා ගැනීමට පාකිස්තානයේ ශහීන් ශාහ් අෆ්රිඩි අද(2) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මා සමත් වූ අතර, ඒ අනුව ඔවුන් පාකිස්තානයට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ෂර්මා ලකුණු 11 කට දැවී ගියේ ශහීන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

අනතුරුව විරාත් කෝලි ද ලකුණු 4 ක් ලබා සිටියදී ශහීන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී ගියා.

Leave a comment