Ultimate magazine theme for WordPress.

Watch : ශතකය අභියස මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස දැවී ගිය හැටි

ADVERTISEMENT

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයේ දී ශතකය ආසන්නයේ දී අවාසනාවන්ත දැවී යාමකට ලක් වීමට ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස්ට අද(5) සිදු වුණා.

ඇෆ්ඝනිස්තානයට එරෙහි මෙම තරගය පැවැත්වෙන්නේ පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

අංක 3 පිතිකරු වූ කුසල් මෙන්ඩිස් පන්දු 84 කින් ලකුණු 92 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.

ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස මෙන්ඩිස් දැවී ගියේ 40 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී යි.

රෂීඩ් ඛාන් යොමු කළ එම පන්දුවේ දී දසුන් ශානක එල්ල කළ පහරකින් පසුව උඩ පන්දුවක් ලෙස පැමිණි පන්දුව රැක ගැනීමට රෂීඩ් උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත්, ඔහුගේ අතෙහි වැදුණු පන්දුව පන්දු යවන අන්තයේ පිහිටි කඩුල්ලෙහි වැදුණේ කුසල් මෙන්ඩිස්ට සිය කඩුල්ල අහිමි කරමින්.

එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –

Leave a comment