Ultimate magazine theme for WordPress.

Watch : ශකිබ් දවා ගන්න මෙන්ඩිස් රැක ගත් සුපිරි උඩ පන්දුව

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (31) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශ කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලෙස Tanzid Hasan ලකුණු 4 කට දැවී ගියා. Mohammad Naim ලකුණු 16 යි.

පිළිවෙලින් මහීෂ් තීක්ෂණ හා ධනංජය ද සිල්වා විසින් එම කඩුලු දෙක දවා ගත්තා.

අනතුරුව ශකිබ් අල් හසාන් ලකණු 5කට දැවී ගියේ මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේයි.

එහි දර්ශන පහතින් නරඹන්න –

Leave a comment