Watch : වෝනර් අන්ත අසරණ වූ ටොන්ග්ගේ සුපිරි පන්දුව
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන අද(28) දිනයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල දවා ගැනීමට එංගලන්තයේ ජොෂ් ටොන්ග් සමත් වුණා.
ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී අද ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දුන්නා.
ඒ අනුව ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළේ වෝනර් සමගින් උස්මාන් කවාජා. කවාජා ලකුණු 17 කට දැවී ගියේ ද ජොෂ් ටොන්ග්ගේ පන්දුවක් හමුවේයි.
පන්දුව නිදැල්ලේ යැවීමට ගත් උත්සාහයකදී එය කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් කවාජා දැවී ගියා.
අනතුරුව වෝනර් ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියේ ද ටොන්ග්ගේ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.
පන්දු 88 කින් වාර්තා වූ වෝනර්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8ක් ඇතුළත්.
වෝනර් හා කවාජා දැවී ගිය අයුරු පහතින් නරඹන්න –
Warner GONE! 🤩
S̶t̶u̶a̶r̶t̶ ̶B̶r̶o̶a̶d̶ Josh Tongue gets his man! #EnglandCricket | #Ashes pic.twitter.com/3sw6FSU2To
— England Cricket (@englandcricket) June 28, 2023
First Ashes wicket secured 🔒
Masterful from Josh Tongue ✨ #EnglandCricket | #Ashes pic.twitter.com/pS963Awgop
— England Cricket (@englandcricket) June 28, 2023