Watch : ලේතම්ගේ කඩුල්ල බිද දැමූ අසිතගේ සුපිරි යෝකර් පන්දුව
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වන විට ක්‍රයිස්චර්ච් හී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
නවසීලන්ත පළමු ඉනිමේ දී සුපිරි යෝකර් පන්දුවක් යොමු කරමින් ටොම් ලේතම්ගේ කඩුල්ල දවා ගැනීමට අසිත ප්‍රනාන්දු අද සමත් වුණා.
දැවී යන විට ලේතම් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 67 ක්. ඒ, හතරේ පහර 7 ක් ද සමගින්. නවසීලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයි ටොම් ලේතම් දැවී ගියේ.
අද දිනය ආරම්භ කරන විට නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකා ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 355 කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් රැස් කළා, දිමුත් කරුණාරත්න ලකුණු 50 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 47 ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 46 ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 64 ක් ලබා දෙමින්. මැට් හෙන්රි ලකුණු 80 කට කඩුලු 4 ක් බිද හෙලුවා.
— CricDaily24 (@cricday96) March 10, 2023