Ultimate magazine theme for WordPress.

Watch : ලංකාවට ක්‍රීඩා කර පැය 24 ක් යන්නටත් පෙර තීක්ෂණ සාජා හී දී දවා ගත් කඩුලු 4 මෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 තරගාවලියේ දෙවැනි අදියර අද(19) ආරම්භ වුණා.

ඒ, ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම හා සාජා වොරියර්ස් කණ්ඩායම අතර තරගයත් සමගයි.

සාජා හී දී ආරම්භ වූ මෙම තරගයේ වොරියර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 198 ක් ලබා ගනිමින්.

ජේම්ස් වින්ස් ලකුණු 45(35) ක් හා ජෙමී ස්මිත් ලකුණු 42(18) ක් රැස් කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 15 කට කඩුලු 4ක් දවා ගැනීම කැපී පෙනුණා. ඔහු ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තෙවැනි 20යි 20 තරගය සදහා ද ක්‍රීඩා කළ පසුබිමකයි මෙම තරගය සදහා එක් වුණේ.

තීක්ෂණගේ පන්දු හමුවේ දැවී ගියේ ජෙමී ස්මිත්, ජේම්ස් වින්ස්, ශිම්රන් හෙට්මයර් හා උස්මාන් ඛාන්.

තීක්ෂණ දවා ගත් කඩුලු 4 පහතින් නරඹන්න –