Ultimate magazine theme for WordPress.

Watch : රිවර්ස් ස්කූප් පහරකින් මැක්ස්වෙල් ගහපු සුපිරි හයේ පහර

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(9) රාත්‍රියේ ආරම්භ වූ තරගාවලියේ 54 වැනි තරගයේ දී ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් පහරක් එල්ල කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් පන්දු 33 කින් වේගවත් ලකුණු 68 ක් රැස් කිරීමට සමත් වුණා.

හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉන් එක් හයේ පහරක් ඔහු reverse-scoop පහරකින් එල්ල කළේ ක්‍රිස් ජෝර්ඩන්ට එරෙහිවයි. (එහි දර්ශන පහතින් නරඹන්න)