Ultimate magazine theme for WordPress.

Watch : රින්කුගේ දැවැන්ත හයේ පහරක් මාධ්‍ය කුටියේ වීදුරුව කඩා දැමූ හැටි

ඉන්දීය පිතිකරු රින්කු සිං එල්ල කළ හයේ පහරක් හේතුවෙන් Gqeberha හි St George’s Park ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටියේ ඉදිරිපස වීදුරුව කැඩී ගොස් තිබෙනවා.

අද රාත්‍රියේ දී දකුණු අප්‍රිකාව සමග ආරම්භ වූ දෙවැනි 20යි 20 තරගයේ දී යි ඔහු මෙම දැවැන්ත හා වේගවත් හයේ පහර එල්ල කළේ.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම පුවත සටහන් කරන අවස්ථාව වන විට ඉන්දීය ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබූ අතර, ඒ වන විට ඔවුන් පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටියා.

ඉන්දීය ඉනිමේ දී සුවිශේෂි ඉනිමක් ක්‍රීඩා කළ රින්කු සිං නොදැවී ලකුණු 68 ක් වාර්තා කළේ පන්දු 39 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු එල්ල කළ හයේ පහර දෙකෙන් එක් පහරක් හේතුවෙනුයි මෙලෙස මාධ්‍ය කුටියේ වීදුරුව කැඩී යාමකට ලක් වුණේ.

දර්ශන පහතින් –