Ultimate magazine theme for WordPress.

Watch : රාහුල් හා ජඩේජා රැක ගත් සුපිරි උඩ පන්දු දෙක මෙන්න

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි‍යේ 17 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දු දෙකක් රැක ගැනීමට ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක කේ එල් රාහුල් හා රවීන්ද්‍ර ජඩේජා අද(19) සමත් වුණා.

බංග්ලාදේශයට එරෙහිව පූනේ හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 256 ක් රැස් කරමින්.

බංග්ලාදේශ ඉනිමේ දී මෙහිදි හසාන් මිරාස් ලකුණු 3 කට හා මුෂ්ෆිකර් රහීම් ලකුණු 38 කට දවා ගැනීම සදහායි පිළිවෙලින් රාහුල් හා ජඩේජා මෙම උඩ පන්දු දෙක රැක ගත්තේ. (දර්ශන පහතින් නරඹන්න)

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ලිටොන් දාස් ලකුණු 66 ක් ලබා ගත් අතර, තන්සිඩ් හසාන් ලකුණු 51 ක් ලබා ගත්තා. මහ්මුදුල්ලාහ් ලකුණු 46 යි.